Saturday, July 31, 2010

Subtitle File නැතහොත් .srt File

මොනවද මේ srt file කියන්නේ. සමහරුන්ට නම් එක බෝරිං වෙන්න පුලුවන් නමුත් මේවා දන්නැති අයත් ගොඩක් ඉන්නවා මම හිතන්නෙ.
අපි අද English චිත්‍රපටියක් බලනකොට ඒකෙ English Subtitle නැත්නම් දැනෙන්නෙ ලොකු අපහසුවක්. ඒ තරමටම අපි Subtitle වලට වලට පුරුදු වෙලා. ඉතිං අපි අන්තර්ජාලයෙන් Download කරන සමහර චිත්‍රපටි වල මේ Subtitle නැතිවෙන්න පුළුවන්. ඒ වගේම අපි Video Shop එකකින් ගත්ත සමහරක් DVD වල වුනත් මෙම Subtitle නැති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අපිට පුළුවන් අන්තර්ජාලය ඔස්සේ එම චිත්‍රපටියට අදාල Subtitle File එක එහම නැත්නම් srt file එක Download කරගෙන එයත් සමග චිත්‍රපටිය නරඹන්න.

මෙම srt files නොමිලේ ලබාදෙන http://www.allsubs.org වැනි වෙබ් අඩවි ගනනාවක් ඇති අතර, පහසුම ක්‍රමය නම් Google Search Engine එකේ movie name.srt කියලා type කරලා search කරන්න. එවිට එය අඩංගු වෙබ් අඩවි ගනනාවක් දිස්වෙයි. එයින් සුදුසු එකක් තෝරාගෙන Download කරගන්න.

දැන් අපි බලමු Download කරගත් subtitle file එක කොහොමද අපේ movie එකට add කරගෙන බලන්නෙ කියලා. ඒ සඳහා VLC Player එක හෝ Jetaudio Player එක ඔබගේ Computer එකේ ස්ථාපනය කරගතයුතු වෙනවා. මගේ නම් හැගීම VLC Player එක වඩාත් උචිත බවයි.
ඔබගේ computer එකේ vlc Player එක නොමැතිනම් පහත ලින්ක් එක මගින් නොමිලේ Download කරගත හැක.
http://www.toggle.com/lv/group/view/kl36434/VLC_Media_Player.htm

දැන් ඔබ VLC Player එක ස්ථාපනය කරගත්තානම් ඔබට පුළුවන් අදාල චිත්‍රපටිය VLC Player එක මගින් Play කරගන්න. ඒ සඳහා ඔබ කලයුතු වන්නේ අදාල චිත්‍රපටිය උඩ Right click කරලා Play with vlc media player කියන මෙනුව තෝරා ගන්න එක.මෙසේ Play කරගත් පසු අපි දැන් බලමු කොහොමද උපසිරසි file එක එක්කරගන්නෙ කියලා. ඒ සඳහා VLC Player එකේ මෙනු බාර් එකේ ඇති video කියන tab එක මත click කරන්න. (මතකතියාගන්න මෙසේ කළහැකි වන්නේ චිත්‍රපටිය Play වන අවස්ථාවේ පමණයි.) එවිට පහතට දිගහැරෙන මෙනුවේ ඇති Subtitles Track යන්න මතට mouse point එක ගෙනගිය විට දකුණුපසට දිගහැරෙන Open File... මත click කරන්න. එවිට Open Subtitles... කියන නව වින්ඩෝවක් මතුවේ. එහිදී ඔබ කලින් download කරගත් srt file එක තෝරාදී open tab එක click කරන්න.
දැන් ඔබට Subtitle සමඟ චිත්‍රපටිය රසවිඳිය හැක.

මට පුළුවන් විදිහට විස්තර කලා නොතේරෙන යමක් තියෙනවනම් comment එකක් දාන්න.

Thursday, May 27, 2010

Protected DVD කොපි කරගන්නේ කොහොමද ?

බොහෝ විට Original DVD කොපිකරන්න යද්දී ඇතිවෙන ප්‍රශ්ණයක් තමයි එය Protected DVD එකක් නිසා කොපි කරන්න බැහැ කියලා මැසේජ් එකක් එනඑක මේකට හොදම විසදුම dvdshrink සොෆ්ට්වෙයාර් එකයි. මෙය Install කරගැනීමෙන් Protected DVD එකේ Backup එකක් (කොපියක්) හාඩ් ඩිස්ක් එකට ගන්න පුළුවන් වෙනවා.
dvdshrink මෙතනින් Download කරගන්න.

Saturday, May 8, 2010

ඒකතුවෙලා ඉගෙනගමු, දැනුම බෙදාගමු.

Video Editing කියන්නෙ ගොඩාක් Interest Subject ඒකක් බොහෝ දෙනෙකුට.